April 24, 2024

කොළඹට දැඩි අවදානමක්! රෝහල්වල ඔක්සිජන් ඉල්ලුම වැඩිවෙයි

මෙරට රෝහලවල සිටින රෝගීන්ගෙන් ඔක්සිජන් සැපයුම අවශ්‍ය රෝගීන් සංඛ්‍යාව ඉහළ යමින් තිබෙන බව වාර්තා වෙනවා.

ඖෂධ නිෂ්පාදන, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා මේ සම්බන්ධව අදහස් දක්වමින් පවසා සිටියේ රෝහල්වල ඔක්සිජන් සැපයූම අවශ්‍ය වන කොවිඩ් ආසාදිත රෝගීන්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යමින් ඇති බවයි.

මෙය වඩාත් අවධානය යොමු කළ යුතු තත්ත්වයක් බව පෙන්වා දෙන අමාත්‍යවරයා විසින් පවසා සිටින්නේ ඩෙල්ටා වෛරසය ව්‍යාප්ත වීම ආරම්භ වීමත් සමඟ ඇති වුණු තත්ත්වයක් බවයි පවසා සිටියේ.

ඔක්සිජන් ඉල්ලුම වැඩි වශයෙන් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල කැපී පෙනෙන බවත් අමාත්‍යවරයා පවසා සිටියා‍.

මීට පෙර කොරෝනා රෝගීන් 100ක් හමු වූවත් ඉන් 05 දෙනෙකුට පමණක් ඔක්සිජන් සැපැයුමක් අවශ්‍ය වන බව පෙන්වා දුන් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ දැන් එවැනි රෝගීන් 10 දෙනෙකු පමණ හමුවන බවයි.

Rate this item
(0 votes)