April 20, 2024

රටවල් 20කින් ලංකාවට එරෙහි තහනමක්!

ශ්‍රී ලංකාවේ කොරෝනා වසංගත අවදානමක් ඇති රටක් බවට රටවල් 20කින් නම් කර ඇති අතර ඔවුන් විසින් සිය ජනතාවට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සඳහා තහනමක්ද පනවා ඇති බවට සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසා සිටිනවා.

කුවේට්, එක්සත් අරාබී එමීර් රාජ්‍යය, ලාඕස්, මැලේසියාව, මියන්මාරය, සිංගප්පුරුව, පිලිපීනය, එක්සත් රාජධානිය, පෘතුගාලය, ඉතාලිය, ජර්මනිය, නොර්වේ, බහරේන්, නේපාලය, ජපානය, ප්‍රංශය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, කටාර් සහ වියට්නාමය යන රටවලින් ශ්‍රී ලංකාවට එරෙහිව සංචාරක තහනමක් පනවා ඇති රටවල් වෙනවා.

අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ මෙරට සංචාරක ආකර්ෂණය සහ ප්‍රවර්ධනය පිළිබඳව ක්‍රියාකාරී සැලැස්ම පිළිබඳව සාකච්ඡාවක් අතරතුරයි.

එහිදී ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් පවසා සිටියේ මෙම තහනම ඉවත් කරගැනීම සඳහා ශ්‍රී ලංකා දූත පිරිසක් කටයුතු සිදුකරමින් සිටින බවයි.

Rate this item
(6 votes)