March 29, 2024

නාමල් ඔලිම්පික් ගියේ භාණ්ඩාගාරයේ මුදල් වලින් නෙමෙයි - කැබිනට් ප්‍රකාශක

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ජපානයේ ටෝකියෝහි පැවැත්වෙන ඔලිම්පික් උළෙල සඳහා සහභාගි වීම සඳහා යන වියදම් පෞද්ගලික අනුග්‍රහකයින් විසින් දරා ඇති බැව් හෙළිදරව් වනවා.

නාමල් ඔලිම්පික් ගිය හැටි

එ නිසා නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා සහභාගි වීම සඳහා මහා භාණ්ඩාගාරයේ මුදලක් වැය නොවූ බවත් හෙළිදරව් වනවා.

නාමල් රාජපක්ෂ මහතාගේ ඔලිම්පික් සහභාගිත්ව පිළිබදව මෙම කරුණු හෙළිදරව් කරන ලද්දේ අද (27) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා විසින්.

භාණ්ඩාගාරයට බරක් නෙවෙයි

ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙන්ම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වරයාද වන කෙහෙළිය රඹුක්වැල්ල මහතා එම කරුණු හෙළිදරව් කළේ ආණ්ඩුව බරපතළ මූල්‍ය අර්බුදයක සිටින අවස්ථාව මහා භාණ්ඩාගාරය විදේශ සංචිත පාවිච්චි කරමින් ඔලිම්පික් උළෙලට සහභාගි වීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

නාමල් රාජපක්ෂ මහතා ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගි වන්නේ නිල ආරාධනයකට අනුව බව වාර්තා වන අතර ඔහු ශ්‍රී ලාංකික ක්‍රීඩා පිරිස දිරිගැන්වීමටත් නියමිත බවද ප්‍රකාශ වනවා.

එහෙත් මේ වන විට ශ්‍රී ලාංකීය ක්‍රීඩික ක්‍රීඩිකාවන් සහභාගි වූ සෑම ඉසව්වකින්ම ලබා තිබෙන්නේ අන්ත පරාජයන්.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 27 July 2021 21:15