April 19, 2024

මුලතිව්හි පිපිරීමක් (PHOTOS)

මුලතිව් ප්‍රදේශයේ පිපිරීමක් සිදුව තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ මෙම පිපිරීමෙන් එක් අයෙකු තුවාළ ලබා ඇති බව යි.

රෝහල්ගත කර ඇති ඔහුගේ තත්ත්වය බරපතළ බව අප වාර්තාකරු සඳහන් කළා.

අද (27) දින මෙම පිපිරීම සිදුව ඇත්තේ මුලතිව් අම්බලවන්පොක්කනෙයි ප්‍රදේශයේ කැලෑවක් තුළ බව පැවසෙනවා.

තුවාළ ලැබූ තැනැත්තා දර කැපීමට බව පවසමින් අදාළ රක්ෂිතයට ගොස් ඇති බව යි වාර්තා වන්නේ.

මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ කැළෑවෙහි තිබූ බොම්බයක් හෝ පුපුරණ ද්‍රව්‍යයක් පුපුරා යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවට යි.

බෝම්බ බවට සැක කෙරෙන තවත් කොටස් කිහිපයක් එම ස්ථානය පරීක්ෂා කළ පොලිස් නිලධාරීන්ට හමුව ඇති බව සඳහන්.

පොලීසිය සැක පළ කරන්නේ මීට පෙර වළ දමා තිබූ බෝම්බ පොළවෙන් උඩට මතුව තිබෙනු දැක අදාළ පුද්ගලයා ඒවා ගොඩ ගැනීමට උත්සහ දැරීමේ දී පුපුරා යන්නට ඇති බවට යි.

තුවාළ ලැබූ තැනැත්තා 35 හැවිරිදි අයෙක්

ඔහු පුදුකුඩිඉරිප්පු රෝහලට ඇතුලත් කිරීමට කටයුතු කර ඇති අතර තත්ත්වය බරපතල වූ බැවින් වැඩිදුර ප්‍රතිකාර සඳහා මුලතිව් මහරෝහලට මාරුකොට යවා ඇති බව මුලතිව් පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 27 July 2021 15:21