April 19, 2024

අඹු සැමි යුවළක් මිය ගිය හැටි අභිරහසක්

මුලතිව් මල්ලාවි පොලිස් බල ප්‍රදේශයේ අංජියන්කුලම් ප්‍රදේශයේ පදිංචි සැමියා සහ බිරිඳ ගෙවත්තේ ළිඳකට වැටී මිය ගොස් සිටියදී මළ සිරුර අද (27) උදෑසන සොයාගත් බවට මල්ලාවි පොලීසිය පවසනවා.

අසල්වැසියෙකු විසින් අදාල යුවල සිටි නිවසේ ඊයේ (26) රාත්‍රියේ සිට කිසිවෙකුත් නොසිටීම හේතුවෙන් පරික්ෂා කිරීමේදී ගෙවත්තේ ළිඳට වැටී ඇති බව දැක ඒ බව මල්ලාවි පොලීසියට දැනුම් දී තිබෙනවා.

අනතුරුව අදාල ස්ථානයට ගිය පොලිස් නිලධාරීන් පරික්ෂණ කටයුතු ආරම්භ කොට ඇති අතර මෙම සැමියා සහ බිරිඳ විවාහ වී මාස 10 ක පමණ කාලයක් ගෙවී ඇති බවටත් මිය යාමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවද පොලීසිය පවසනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ අංජියන්කුලම් ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි රංජන් ප්‍රදීපන් සහ 27 හැවිරිදි ප්‍රදීපන් මාලනී නැමති අය බවට හඳුනා ගෙන තිබෙනවා.

අදාළ යුවල ළිඳට වැටුනේද පැන දිවිනසා ගත්තේදැයි යන්න පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මළ සිරුරු ගොඩට ගෙන පශ්චාත් මරණ පරික්ෂණයට සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇතැයිද පරික්ෂණ සිදු කරන බව මල්ලාවි පොලීසිය වැඩිදුරටත් පැවසුවා.

(වන්නි - රොමේෂ් මධුෂංඛ)

Rate this item
(0 votes)
Last modified on Tuesday, 27 July 2021 15:07