April 20, 2024

ඩොලර් බිලියනයක ණයක් අද ගෙවයි

අද (27) දිනයේ දී කල්පිරීමට නියමිත ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරයක් (ISB)  සඳහා ආපසු ගෙවීම සිදුකළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.

අද (27) දින ISB ආපසු ගෙවීමත් සමඟ 2021 සඳහා රජයේ විදේශ ණය සේවා බැඳීම් බොහොමයක් ආපසු ගෙවා අවසන් වන බවත් වර්ෂයේ ඉතිරි කාලය තුළ රට තුළ සංචිත නැවත පූරණය කිරීමට ඉඩ සැලසීම සැලකිල්ලට ගත යුතු කරුණ බවත් රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දී තිබෙනවා.

මේ අතර මෙරටට විදේශ විනිමය ලැබෙන මාර්ග අනුව ඉදිරි මාස 3 තුළ ඇමරිකානු ඩොලර් මිලියන 2,650 කට ආසන්න ප්‍රමාණයක් මෙරටට ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා මෙසේ පවසනවා.

"අද දවස වෙනකොට ඒ ණය ගෙවලා ඉවරයි. බොහෝ දෙනෙක් හිතලා තිබුනේ ඒක ගෙවන්න බැරි වෙයි, රටේ ප්‍රශ්නයක් මතු වෙයි, රටේ වැඩ කටයුතු කර ගන්න බැරි වෙයි කියලා. දැන් එහෙම කියපු අයට ඕක ප්‍රශ්නයක් වෙයි. ඒත් අපි කිව්වා දිගටම ගෙවනවා කියලා. ඉතින් ගෙවනවයි කියලා ගෙවලා තියෙනවා. ඒ හින්දා ඒකේ අමුතු දෙයක් නැහැ. ඒ විදියට ඉදිරි කාලයේදීත් අපි ගෙවන්න තියෙන සියලු දේවල් අපි ගෙවනවා. ඒ සඳහා අපි සියලුම වැඩපිළිවෙලවල් යොදවලා තියෙනවා. ඒ නිසා කිසිම කෙනෙක් ඒක ගැටළුවක් නොකරගෙන ශ්‍රී ලංකාව කෙරෙහි තිබෙන විශ්වාසය පලුදු නොකරන ලෙස මම අනිත් අයටත් කියනවා විශේෂයෙන්ම විපක්ෂයට. විශේෂයෙන්ම මේ කරගෙන යන වැඩ කොටස නවත්තලා අපේ රටේ විශ්වාසයට කැළලක නොවන පරිදි කටයුතු කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා."

Rate this item
(0 votes)
Last modified on Tuesday, 27 July 2021 15:00