April 18, 2024

වසර දෙකකට පෙර සිදුවූ අමානුෂික ස්ත්‍රී දූෂණයක් ගැන තොරතුරු හෙළිවෙයි

සිය බාප්පා අතින් දූෂණය වූ තරුණියක් පිළිබඳ සිදුවීමක් උඩුගම ප්‍රදේශයෙන් වාර්තා වනවා.

උඩුගම පොලීසිය සඳහන් කළේ අදාළ තරුණිය මානසික ආබාධයකින් පසුවන්නියක් බව යි.

ඇය 30 හැවිරිදි තැනැත්තියක්.

තරුණිය දූෂණය කළ ඇගේ බාප්පා ඊයේ (26) උඩුගම පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව අප වාර්තාකරු සඳහන් කළා.

අදාළ පුද්ගලයා විවාහකයෙකුවන අතර ඔහු අම්බලමහන්දිය ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි අයෙක්.

මෙම තරුණිය ජීවත්ව සිට ඇත්තේ සිය පියා සමග යි.

පොලිස් පරීක්ෂණවල දී අනාවරණය වී ඇත්තේ මීට වසර 02කට පමණ පෙර මෙම තරුණිය බාප්පා අතින් දූෂණය වී ඇති බවට යි.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 27 July 2021 15:02