April 24, 2024

ඉෂාලිනිගේ මෘත දේහය ගොඩ ගන්න යයි (PHOTOS)

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදි සිටියදි සිරුරට ගිනි ඇවිලිමෙන් ජිවිතක්ෂයට පත් ඩයගම පදිංචිව සිටි අවු 16 හැවිරිදි ජේ.ඉෂාලිනිගේ මෘත දේහය තැන්පත් කර ඇති ඩයගම වත්තේ පොදු සුසාන භුමියට ඊයේ (26) දින සිට ඩයගම පොලිසිය විසින් දැඩි පොලිස් ආරක්ෂාවක් යොදා තිබෙනවා.

ජිවිතක්ෂයට පත් ජේ.ඉෂාලිනි දැරියගේ මෘත දේහය යලිත් ගොඩගෙන පශ්චාත් මරණ පරික්ෂණයක් සිදු කරන ලෙසට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ලබා දුන් අධිකරණ නියෝගයක් සමග ජේ.ඉෂාලිනි දැරිය මිහිදන් කර ඇති ඩයගම වත්ත පොදු සුසාන භුමියට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබෙනවා.

මෘත දේහය ගොඩ ගැනිමේ කටයුතු අද (27) දිනයේ සිදු කිරිමට නියමිත අතර, ඩයගම ප්‍රදේශයේම පදිංචි තරුණියන්  කිහිපදෙනෙකු රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා ඇති බවට තැරුව්කරුවන් විසින් කොළඹ කොට්ඨාශ ළමා සහ කාන්තා කාර්යංශයේ පොලිස් නිලධාරින් පිරිසක් අද (27) දින ඩයගම ප්‍රදේශයට පැමිණ එම පිරිසගෙන් ප්‍රකාශ ලබා ගැනිම සිදු කරනු ලබනවා.

(හැටන් - රංජිත් රාජපක්ෂ)                          

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 27 July 2021 16:24