March 29, 2024

එන්නත් 02කම ගත් පුද්ගලයෙකු හදිසියේම මිය යයි

කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ලබා ගෙන සිටි සිව්දරු පියෙකු කොවිඩ් නිව්මෝනියාවෙන් මියගොස් ඇති බැව් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි පැවති පශ්චාත් මරණ පරික්ෂණයේ දි අනාවරණය වී තිබෙනවා.

මියගොස්  ඇත්තේ අහංගම ගුරුල්ලවල ප්‍රදේශයෙ පදිංචි 73 හැවිරිදි වියේ පසුවන අයෙක්. මෙකි පුද්ගලයා ආතරයිටිස් රෝගයෙන් ද පෙලී සිට ඇති අතර කිහිලිකරු ආධාරයෙන් ගමන්කොට තිබෙන්නේ. මැයි මස 29 වැනි දින මෙකි පුද්ගලයා සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබා ගෙන ඇති අතර දෙවැනි මාත්‍රාව ජුනි මස 28 වැනිදින ලබා ගෙන තිබෙනවා.

පසුගිය 23 වැනි දින මෙකි පුද්ගලයා සෙම් අමාරුව හේතුවෙන් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කොට ඇති අතර රෝහලේදි කරනු ලැබු පි.සි.ආර් පරික්ෂණයේ දි මොහුට කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වි තිබෙනවා. රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියදි 25 වැනි දින මියගොස් තිබෙනවා.

(ගාල්ල - ලලිත් චාමින්ද)

 

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 27 July 2021 10:10