April 25, 2024

විල්පත්තු තීන්දුව රිෂාඩ් ඉවත් කරන්න තරම් ප්‍රමාණවත් නැහැ - සජිත් පිලේ මන්ත්‍රී

විල්පත්තුව වන සංහාරය සම්බන්ධයෙන් රිෂාඩ් බදුදීන් මහතා වැරදිකරු කරමින් ලබා දී තිබෙන තීන්දුව ඔහුව සිය සන්ධානයෙන් ඉවත් කිරිමට තරම් ප්‍රමාණවත් හේතුවක් නොවන බවයි සමගි ජන බලවේගය පෙන්වා දෙන්නේ.

විල්පත්තු වනාන්තරයේ කැපූ ගස් යලි සිය පෞද්ගලික ධනයෙන් වවන ලෙසට රිෂාඩ් බදුදීන් මහතාට අභියාචනාධිකරණයදී තිබෙන තීන්දුව පදනම් කරගෙනයි සමගි ජන බලවේගයේ මෙම ස්ථාවරය ඉදිරිපත් කරන්නේ.

සමගි ජන බලවේගය වෙනුවෙන් මෙම අදහස කළ කරන්නේ එම පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතායි.

කැලෑ පාලුවා බවට චෝදනා

රිෂාඩ් බදුදීන් මහතාගේ අනුදැනුම මත කපන ලද එම ගස් විල්පත්තු වනාන්තරයට අයත් නොවන ඊට පිටින් ඇති ගස් බවට මෙන්ම එම ප්‍රදේශ අතීතයේ පටන්ම ජනාවාසව තිබූ බවට මතයක්ද තිබෙන බව මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.

එනිසා රිෂාඩ් බදුදීන් මහතාට අභියාචනාධිකරණය ලබාදුන් මෙම තීන්දුවට එරෙහිව දැන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඇපෑලක් ඉදිරිපත් කොට ඇති බවයි මන්ත්‍රීවරයා මතක් කර දෙන්නේ.

දැනටමත් වැරදිකරුවෙක්

නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ දෙරණ රූපවාහිනී සේවයේ වැඩ වැඩ සටහනේදි නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

බාලවයස්කාර දැරිය සම්බන්ධයෙන් සිද්ධියට රිෂාඩ් බදුර්දීන් මහතා සම්බන්ධ බවට අධිකරණයකින් ඔහු වැරදිකරු වී නොමැති හෙයින් ඔහුව සමගි ජන බලවේගය ඉවත් කිරීමට නොහැකි බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

එහිදී වැඩ සටහන මෙහෙය වූ මාධ්‍යවේදියා බණ්ඩාර මන්ත්‍රීවරයාගෙන් විමසා සිටියේ විල්පත්තුවේ වන සංහාරය සම්බන්ධයෙන් රිෂාඩ් බදුදීන් මහතාට එරෙහිව එල්ල වූ චෝදනා අධිකරණය හමුවේ ඔප්පු වී තිබෙන හෙයින් ඔහුව සමගි ජන බලවේගයෙන් ඉවත් කිරීම සඳහා එය ප්‍රමාණවත් නොවන්නේද යන්නයි.

එම ප්‍රශ්නයට පිළිතුරු ලෙසයි රිෂාඩ් බදුදීන් මහතා සම්බන්ධයෙන් නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා ඉහත සඳහන් ස්ථාවරය ප්‍රකාශ කළේ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 27 July 2021 08:22