March 28, 2024

13 හැවිරිදි පෙම්වතා සමවයස් පෙම්වතියට කළ හරිය! දෙදෙනෙකු අත්අඩංගුවට

පාසල් තවමත් වසා ඇති නිසා ඔන්ලයින් ක්‍රමයට අධ්‍යාපනය ලබාදෙන පංතියකට සහභාගී වූ 13 හැවිරිදි පාසල් සිසුවියක් එම පංතියටම සහභාගී වූ තවත් සිසුවෙකු සමඟ සම්බන්ධතාවයක් ගොඩ නඟාගෙන තිබෙනවා.

මෙම සම්බන්ධතාවය කළක් පැවැති තිබුණු අතර පසුව දෙදෙනා විසින් සම්බන්ධතාවය නවතා දමන්නට කටයුතු කර තිබුණා.

මෙහිදී අදාළ සිසුවිය සමඟ සම්බන්ධතාවය ගොඩ නඟාගත් සිසුවා විසින් සිසුවියගේ දුරකථන අංකය ඇයගේ අනුදැනුම මැද තවත් 16 හැවිරිදි පාසල් සිසුවෙකු වෙත ලබාදී තිබෙනවා.

පසුව 16 හැවිරිදි පාසල් සිසුවා විසින් අදාළ සිසුවියව මොරටුව ලුනාව ප්‍රදේශයේ ලැඟුම්හලක් වෙත ගෙන්වා ගෙන ඇති අතර එහිදි ඇයව ලිංගිකව අපයෝජනයට ලක්කර තිබෙන බවට වාර්තා වෙනවා.

මෙම සම්බන්ධතාවය මින් නොනැවති තිබුණු අතර අදාළ පාසල් සිසුවිය විසින් පසුව ජාඇල ප්‍රදේශයේ වයස අවුරුදු 22ක් වූ තරුණයෙකු සමඟ ද සම්බන්ධතාවයක් ගොඩ නඟාගෙන තිබුණු බවට හෙළිව තිබෙනවා.

ඒ අනුව අදාළ තරුණයා විසින් මෙම බාලවයස්කාරිව කෑගල්ල ප්‍රදේශයේ පිහිටි ඥාතියෙකුගේ නිවසක් වෙත රැගෙන ගොස් තිබෙනවා. සිසුවියගේ දෙමාපියන් විසින් සිය දියණිය අතුරුදහන්ව ඇති බවට මොරටුමුල්ල පොලීසියට පැමිණිල්ලක් ද යොමුකර තිබුණා.

මේ අතර ජාඇල තරුණයා විසින් සිසුවිය සඟවාගෙන සිටි කෑගල්ලේ නිවස පිහිටි ප්‍රදේශයේ ප්‍රදේශවාසින් විසින් පොලීසි හදිසි ඇමතුම් අංකයට අමතා පවසා තිබුණේ තරුණයෙකු විසින් බලවයස්කාරියක් රඳවාගෙන ඇති බවයි.

ඒ අනුව ක්‍රියාත්මක වූ පොලීසිය විසින් තරුණයා සහ සිසුවිය දෙදෙනවාම අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. 

සිදුවීම සම්බන්ධයෙන් මොරටුමුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරමින් සිටිනවා.

Rate this item
(1 Vote)