March 29, 2024

හිමිනම හෙදියගේ ඔලුව පලයි! හිසට බරපතළ තුවාල Featured

කොරෝනා වෛරසය සඳහා කරනු ලබන පී.සී.ආර් පරික්ෂණයේ දී දැඩි වේදනාවක් හට ගැනීම නිසා කෝපයට පත් ස්වාමින්වහන්සේ නමක් එම පරික්ෂණය සිදුකළ හෙදියගේ හිසට වීදුරු පිඟානකින් පහර දී තිබෙනවා.

මෙම පුවත වාර්තා වන්නේ ආණමඩුව මූලික රෝහලෙන් වන අතර පහර කෑමට ලක්ව තිබුණේ එම රෝහලේ කොවිඩ් ඒකකයේ රාජකාරියේ නිරතව සිටි හෙදියක්.

නොසිතු මොහොතක එල්ල වූ මෙම ප්‍රහාරය නිසා හෙදියගේ හිසට බරපතළ තුවාල සිදුව තිබුණු අතර ඇයට ප්‍රතිකාර සඳහා රෝහලේ ප්‍රාථමික වෛද්‍ය ඒකකයට ඇතුළත් කර තිබුණත් පසුව කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.

මෙම පහර දීම සිදුකර තිබුණේ ආණමඩුව කුමාරගම විහාරස්ථානයේ හිමි නමක් බවටයි වාර්තා වන්නේ.

අදාළ පහර දීම සිදුකළ සැකකාර හිමිනම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Rate this item
(0 votes)