July 21, 2024

"පබාත්" හංසමාලි ගිය මග - දුරකථන ඇමතුමෙන් ඔක්කොම කණපිට

ජනප්‍රිය නිළියක මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය වාහන අනතුරක් සම්බන්දයෙන් අධිකරණයට ඉදිරිපත් නොකොට පොලිස් ඇප මත අද (26) නිදහස් වූ ආකාරය පිළිබඳව තොරතුරු හෙළිදරව් වී තිබෙනවා.

පෙරේදා (24) රාත්‍රියේ කටුගස්තොටදී 18 හැවිරිදි තරුණයකු පැදවූ මෝටර් සයිකලයක් හා ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙන අතර පසුව ඇයව අත්අඩංගුවට ගෙන අද (26) අධිකරණයට ඉදිරිපත් කිරීමටයි නියමිතව තිබුනේ.

දුරකථන ඇමතුමෙන් වෙනස් වූ පොලිසිය

වාර්තා වන අන්දමට ස්වර්ණමාලි මහත්මිය යම් තැනැත්තකුට දුරකථන ඇමතුමක් ලබා ගැනීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කිරීමේ පසුබිම වෙනස් වී පොලිස් ඇප මත මුදා හරින පසුබිමක් දක්වා සිද්ධිය වෙනස් වී තිබේ.

අනතුරින් තරුණයා තුවාල ලබා රෝහල් ගතවයි සිටින්නේ.

සිද්ධිය ගොඩින් බේරා ගන්නා තැනට

අදාළ දුරකථන ඇමතුමෙන් පසු රෝහල් ගතව සිටින එම තරුණයාගේ දෙමාපියන් පොලිසියට ගෙන්වා සිද්ධිය ගොඩින් බේරා ගැනීමට අනතුරට පත් තරුණයා වෙනුවෙන් වන්දියක් ලබා දීම සඳහා ස්වර්ණමාලි මහත්මියට අවස්ථාව ලබාදීමට පොලිසිය කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

ස්වර්ණමාලි මහත්මිය පිළිබඳ මේ සිදුවීම වාර්තා වන්නේ විවිධ ඉහල බලපෑම් මත නිරෝධායන නීති රීති කඩ කිරීමේ සිද්ධියක් මුල් කොටගෙන පොලිස් ඇප මත මුදාහැර නිරෝධාන ලක් කළ පියුම් හංසමාලි දුරකථන ඇමතුම් සිද්ධිය සිදුවී එහි උණුසුම යාමටත් මත්තෙන්.

නොදන්නා දේශපාලනය කිරීම

උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය ප්‍රේක්ෂකයා අතර වඩාත් ජනප්‍රියව සිටියේ "පබා" යන ඇය රඟපා චරිතයක නමින් වන අතර 2010 මහ මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වී ගම්පහ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස තේරී පත් වුණා.

එහෙත් ටික කලක් යත්ම ස්වර්ණමාලි මහත්මිය එවකට බලයේ සිටි මහින්ද රාජපක්ෂ රජයට එකතු වී 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම සඳහා ආණ්ඩුවට අවශ්‍ය තුනෙන් දෙකක බලය ලබාදීමට සිය ඡන්දයද පාවිච්චි කළා.

එහෙත් 2015 මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් යළිත් ගම්පහ දිස්ත්‍රික්කයට තරග කළ ස්වර්ණමාලි මහත්මිය අන්ත පරාජයකට ලක් වුණේ.

Rate this item
(2 votes)
Last modified on Monday, 26 July 2021 21:47

Related items