April 16, 2024

දැරියගේ මරණ පරීක්ෂණ වාර්තාව අවුලක: වෛද්‍යවරයා සැකයි - මවගෙන් පැමිණිල්ලක්

රිෂාඩ් බදුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටී ඉශාලිනී ජූඩ් කුමාර් බාලවයස්කාර දැරිවියගේ මරණ පරීක්ෂණ වාර්තාව මේ වන විට ප්‍රශ්නකාරී තත්ත්වයක් මතුකර තිබෙනවා.

ඒ එම මරණ පරීක්ෂණ වාර්තාවපිළිගැනීමට නොහැකි බවට ඇගේ මව පැමිණිල්ලක් කොට තිබීමයි.

ඒ මානව හිමිකම් කොමිසම වෙතයි.

මරණ පරීක්ෂණ වාර්තාව සැකයි

සිය දියණියගේ මරණ පරීක්ෂණ වාර්තාව සකසා තිබෙන්නේ මුස්ලිම් වෛද්‍යවරයකු නිසා එය පිළිගැනීමට නොහැකි බවටයි ඇය පැමිණිල්ල ඉදිරිපත් කොට තිබෙන්නේ.

ඒ සමගම ඇය මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලීමක්ද කර තිබෙනවා.

වෙනත් වෛද්‍යවරයකුට බාර දෙන්න

ඒ එම මරණ පරීක්ෂණ වාර්තාව යළිත් වෙනත් වෛද්‍යවරයකු ලවා කරවා සැබෑ තොරතුරු තමන් වෙත දැන ගැනීමට අවස්ථාව සලසා දෙන ලෙසයි.

සිය දියණිය මේ වන විට ජීවතුන් අතර නොමැති වුවත් වැරදි කරපු අයට නිවැරදි දඬුවමක් ලබාදිය යුතු බවයි දැරියගේ මව මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා සිටින්නේ.

දැරිය තමන් ගිනි තබාගත් බවට පොලිසියට ප්‍රකාශ කළා යැයි ප්‍රකාශ වන ප්‍රකාශයද දැරිය විසින් නොව වෙනත් අයෙකු විසින් කරන ලද්දක් බවද මේ වන විට තහවුරු වී තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Monday, 26 July 2021 21:50