April 19, 2024

රිෂාඩ්ගේ බිරිඳ ඇතුළු සැකකරුවන් රිමාන්ඩ්

නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිළිස්සුම් තුවාල සහිතව දැරියක් මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳ ඇතුළු සැකකරුවන් අගෝස්තු 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ අදාළ සැකකරුවන් අද (26) යළි කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එමෙන්ම අදාළ දැරියගේ මෘත ශරීරය සම්බන්ධයෙන් නැවත පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා සිරුර යළි ගොඩ ගැනීමටද මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Monday, 26 July 2021 17:15