April 20, 2024

ශ්‍රීලනිප - ජනපති සාකච්ඡාවේ ප්‍රථිපල එයි!

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයින් අතර අද (26) පෙරවරුවේ පැවැති සාකච්ඡාව ඉතා සාර්ථක බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.

එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඒ බව ප්‍රකාශ කළේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිවසේ දී පළමුව රැස්වූ නිදහස් පක්ෂ නියෝජිතයන් ඉන් අනතුරුව ජනාධිපතිවරයා සමග සාකච්ඡාවට පැමිණ තිබුණා.

Rate this item
(0 votes)