April 25, 2024

රන්ජන්ට ලඟදීම නිදහස: සිය නිළ නිවස භාර දුන් මන්ත්‍රීගෙන් ඉඟියක්

රංජන් රාමනායක මහතා ඉතා ඉක්මනින් නිදහස් වෙන බවට ඉඟියක් මේ වන විට පළ වී තිබෙනවා.

එම ඉඟිය පළ කරන්නේ සමගි ජන බලවේගයේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන මනුෂ නානයක්කාර මහතායි.

නිල නිවස බාර දෙමින් කළ ඉඟිය

මනුෂ නානායක්කාර මහතා මෙම අදහස් පළ කළේ මීට සුළු මොහොතකට පෙර ඔහුට හිමි මන්ත්‍රී නිළ නිවස රංජන් රාමනායක මහතාට පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

සිය මන්ත්‍රී ධූරය තිබෙන තාක් කල් රංජන් රාමනායක මහතාට එම නිවසේ සිටීමට හැකි ආකාරයට අවශ්‍ය නීතිමය කටයුතු තමන් ඉටු කර තිබෙන බවත් නානායක්කාර මන්ත්‍රීවරයා සඳහන් කරනවා.

හිටපු නිවසම යළි භාර දීම

රන්ජන් රාමනායක මහතා ඉතා ඉක්මනින් නිදහස් වීමෙන් පසු ඔහුට මේ නිවසේ ජීවත්වීමට හැකි බව නානයක්කාර මන්ත්‍රීවරයා සඳහන් කළේය නිවස රංජන් රාමනායක මහතාව බලා කියා කියාගන්නා පුද්ගලයෙකු වෙත බාර දෙමින්.

මනුෂ නානයක්කාර මහතා සිය නිල නිවස වශයෙන් ඉල්ලා ගෙන තිබුණේද රංඡන් රාමනායක මහතා සිටි නිල නිවසම වන අතර ඔහු යළිත් බාර දුන්නේද එම නිවස වීම විශේෂත්වයක්.

ජනපති සමාව ඉල්ලීම

රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබා දීම සම්බන්ධයෙන් ඉල්ලීමක් සමගි ජන බලවේග හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් කර තිබූ අතර ඊට ජනපතිවරයාගෙන් යහපත් ප්‍රතිචාරද ලැබී තිබුණා.

රන්ජන් රාමනායක මහතාට ජනපති සමාව ලබාදීම සඳහා අවශ්‍ය කරන ලිපි ලේඛන තමන් වෙත එවන ලෙසයි ජනපතිවරයා විපක්ෂ නායකවරයා වෙත දන්වා තිබුණේ.

එම ලිය කියවිලි මේ වන විටත් අදාළ අංශ වෙත යොමුකර ඇති බවයි සමගි ජන බලවේගය ආරංචි සඳහන් කරන්නේ.

මීට පෙරත් නිවසක්

රන්ජන් රාමනායක මහතාට සමාව හිමිවීමෙන් පසු ජීවත්වීම සඳහා මීට පෙර ප්‍රසිද්ධ රූපලාවණ්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ විසින් ලබාදී තිබුණා.

රන්ජන් රාමනායක මහතාට නිවසක් අවශ්‍යව තිබෙන්නේ ඔහු බන්ධනාගාර ගත වීමත් සමඟ ඔහුගේ මන්ත්‍රී නිල නිවස යළි භාර දෙන ලෙස බලධාරීන් විසින් කළ දැනුවත් වීමට අනුව එය භාර දීම නිසයි.

අසනීප තත්ත්වයෙන් පෙළීම

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත රංජන් රාමනායක මහතාට වසර 4 ක දඬුවමක් නියම වූ අතර මේ වන විට ඔහු අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ එම සිර දඬුවම විඳිමින් සිටින්නේ.

එම සිර දඬුවම හේතු කොටගෙන රන්ජන් රාමනායක මහතාට සිය ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය ද අහිමිවී තිබෙනවා.

රන්ජන් රාමනායක මහතා දණහිසේ ආබාධ සහිත රෝග කිහිපයකින් පෙළෙන බවයි දැනගන්නට තිබෙන්නේ.

Rate this item
(0 votes)
Last modified on Monday, 26 July 2021 14:19