April 19, 2024

කාලගුණයෙන් නිවේදනයක්

අද (26) පෙරවරුවේ සිට ඇඳ හැලෙන අධික වර්ෂාවත් සමග කොළඹ ප්‍රදේශ රැසක මාර්ග රැසක් ජලයෙන් යටවී තිබෙනවා.

පවතින වර්ෂාවත් සමග කොළඹ කිංසි පාර, නොරිස් කැනල්, ග්‍රෑන්ඩ්පාස්, කොටහේන ඇතුළු ප්‍රදේශවල මාර්ග ජලයෙන් යටවී තිබෙනවා.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් සුළගේ වේගය පැ.කි.මී. (40-50) පමණ වන අතර විටින් විට පැ.කි.මී. 60 දක්වා වැඩි වෙයි.

 

Rate this item
(0 votes)
Last modified on Monday, 26 July 2021 11:50