April 20, 2024

එන්නත පරක්කු වෙන්නේ ඔලිම්පික් නිසාලු

ඇස්ට්‍රසෙනෙකා කොවිඩ් මර්ධන එන්නත මෙරටට ලැබීම ප්‍රමාද වී ඇත්තේ ජපානයේ පැවැත්වෙන ඔලිම්පික් උළෙල නිසා බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.

ඊයේ හෝ අද ඇස්ට්‍රසෙනෙකා එන්නත් තොගයක් ලැබීමට නියමිතව තිබූ නමුත් ඔලිම්පික් උළෙල හේතුවෙන් එය ප්‍රමාද වී ඇති බව යි ඔහු පෙන්වා දෙන්නේ.

ඔලිම්පික් උළෙල හේතුවෙන් භාණ්ඩ ප්‍රවාහන ගුවන්යානාවල ප්‍රමාදයක් සිදුව ඇති බවත් එම නිසා එන්නත් තොගය ද ප්‍රමාද වී ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

මෙය දින කිහිපයක ප්‍රමාදයක් බවත්, එම නිසා කිසිවෙකු බියට පත් වීමට අවැසි නොමැති බවත් ඔහු අවධාරණය කළා.

Rate this item
(0 votes)
Last modified on Monday, 26 July 2021 18:20