April 18, 2024

ගුරු විරෝධතා නිමා කරන යෝජනාව අද කැබිනට් මණ්ඩලයට

සති දෙකකට ආසන්න කාලයක් තිස්සේ පැවැත්වෙන ගුරු විරෝධතාවයන් නිමා කිරීම සඳහා යෝජනාවක් අද (26) දිනයේ කැබිනට් මණ්ඩලය වෙත නිකුත් කිරීමට නියමිතව තිබෙනවා.

මෙලෙස ඉදිරිපත් කිරීමට යන්නේ ගුරු - විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීම සඳහා වන කැබිනට් පත්‍රිකාවයි.

අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසා සිටියේ මෙමඟින් ගුරු - විදුහල්පති අර්බුදයන්ට විසඳුම් ලැබෙනු ඇති බවයි.

කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට යන මෙම යෝජනාව සඳහා වැටුප් හා සංඛ්‍යාලේඛණ කොමිසමෙන් එකඟතාවයද හිමිව ඇති බවයි සඳහන් වන්නේ.

මෙය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එහිදී ලැබෙන තීරණය මත හෙට (27) දිනයේ දී ගුරු වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කිරීමට නියමිත බවද ලේකම්වරයා පෙන්වා දෙන්වා.

ගුරු වෘත්තීය සමිති පවසා සිටින්නේ මෙම ඉදිරිපත් කර ඇති යෝජනාවෙන් තම ඉල්ලීම් සියල්ල ඉටු නොවුණහොත් වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.

Rate this item
(0 votes)