March 28, 2024

විශ්වාසභංගයේදී උදයට වඩා ගැහුවෙ මට - රනිල්ගෙන් සජිත් පිලට චෝදනාවක්

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනා විවාදය පැවතියේ ඇමතිවරයාට එරෙහිව නොව තමන්ට එරෙහිව බවයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙන්නේ.

විශ්වාසභංග යෝජනා විවාදයේදී සමගි ජන බලවේග කථිකයන් වැඩිපුරම කාලයක් වෙන් කලේ තමන්ට පහර දීමට බව වික්‍රමසිංහ මහතා සඳහන් කරනවා.

උතුරේ මාධ්‍යවේදීන්ට දුන් පණිවිඩය

එ.ජා.ප නායකයා මෙන්ම එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයාද වන වික්‍රමසිංහ මහතා විශ්වාසභංග යෝජනා විවාදය පිළිබඳව සිය මතය පළ කළේ උතුරේ මාධ්‍යවේදීන් අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ පැවැති සාකච්ඡාවකදීය.

රාජපක්ෂ රජය පෙරලා දැමීමට සජිත් ප්‍රේමදාස මහතා සමග එක් වනවාදැයි එහිදී නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් එ.ජා.ප නායකයා මේ බව සඳහන් කළ අතර රජයක් පෙරළා දැමීමට එක්වීමේදී ඒ සඳහා ජාතික රාමුවක් තුළ කටයුතු කළ යුතු බවද සඳහන් කොට තිබෙනවා.

සමගි ජන බලවේගයේ විවේචන

බලශක්තිය අමාත්‍යවරයාට එරෙහිව පැවති විශ්වාසභංග යෝජනා විවාදයේදී සමගි ජන බලවේග සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා , එස්.එම්.මරික්කාර් , මුජුබර් රහුමාන් ඇතුළු එම පක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක්ම වික්‍රමසිංහ මහතාවද දැඩි ලෙස විවේචනයට ලක් කළේ චෝදනා රැසක්ද එල්ල කරමින්.

වික්‍රමසිංහ මහතා ආණ්ඩුවට කඩේ යෑම , විශ්වාසභංග යෝජනාව කඩාකප්පල් කිරීමට කටයුතු කිරීම මෙන්ම විමල් වීරවංශ අමාත්‍යවරයාව යහපාලන ආණ්ඩු සමයේ විවිධ චෝදනාවන්ගෙන් බේරා ගැනීම ආදී චෝදනා රැසක් ඒ අතර තිබුණා.

Rate this item
(2 votes)
Last modified on Sunday, 25 July 2021 12:26

Related items