April 25, 2024

"රටේ මිනිස්සු ලිංගික පීඩනයකින් ඉන්නේ" - අත්දැකීමක් සමඟ හිරුණිකා හේතුව හෙළි කරයි Featured

ශ්‍රී ලංකාවේ පිරිමින් දැඩි ලිංගික පීඩනයකින් පෙළෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරනවා.

ඊට හේතුවී ඇත්තේ කුඩා කාලයේ සිටි කතා නොකල යුතු නුසුදුසු මතෘකාවක් බවට පත්ව තීබීම බවයි ඇය පෙන්වා දෙන්නේ.

පාසල් වල ලිංගික පාඩම එනවින ගුරුවරියන් කියනවා ගෙදර ගිහින් බලා ගෙන එන්න කියලා. ගුරුවරුන්ට ඒ ගැන කියලා දෙන්න දැනුමක් නෑ, දරුවෝ ආරක්ෂා කර ගන්න බැරිව සදාචාරයක් ගැන කතා කරනවා" යැයි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කළා.

කොරෝනා වසංගතය මෙරට ආරම්භ වූ දා සිට මෙරට ගෘහස්ත හිංසනය වැඩිවී ඇති බවත් බොහෝ කාන්තාවන් අන්තර්ජාලය මගින් ලිංගික හිරිහැරවලට ලක්ව ඇති බවත් ඇය කියා සිටියාය.

රූමත් තරුණියකුගේ පින්තූරයක් අන්තර්ජාලයේ පළකර තමන්ගේ දුරකථන අංකය යොදා පළ කර තිබූ දැන්වීමක් හේතුවෙන් තම දුරකතනයටද ඇමතුම් එයාකාරයෙන් ලැබුණු බවද ඇය සඳහන් කළාය.

එසේ කතා කරන ලද්දේ කුඩා පිරිමි දරුවෙකු බවත් ඔහුගෙන් එම ජාවාරම සම්බන්ධයෙන් තොරතුරු තමන් බොහෝ විමසූ බවත් ඇය කියා සිටියාය.

විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඇය මෙම අදහස් පළ කළා.

Rate this item
(1 Vote)

Related items