April 25, 2024

නිදහස් වෙන්න සිටි සිරකරුවෙක් සියදිවි නසා ගනී

ගාල්ල බන්ධනාගාරයේ සිරදඩුවම් විදිමින් සිටි සිරකරුවකු ඊයේ (21) රාත්‍රියේ සිරමැදිරිය තුලදි ගෙල වැළලාගෙන මියගොස් ඇති බැව් ගාල්ල බන්ධනාගාරය පවසයි.

මෙකි සිර දඩුවම් විදින සිරකරු 50 හැවිරිදි වියේ පසුවන මැටිවල තෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මොහු බන්ධනාගාරයේ වෙනම සිරමැදිරියක රදවා සිට ඇති අතර ඔහු සරම් පටකින් සිරමැදිරිය තුලදි ගෙළ වැළලාගෙන මියගොස් ඇති බැව් බන්ධනාගාරය පවසනවා.

බන්ධනාගාර නිලධාරින් විසින් මොහුගේ ගෙලෙහි හිරවි තිබු සරම්පටිය ඉවත්කොට මොහු කරාපිටිය රෝහලට රැගෙන යාමට කටයුතු කළද ඒ වනවිටත් මොහු මිය ගොස් සිටි තිබෙනවා.

මංකොල්ලකෑම්, සොරකම හා මත්ද්‍රව්‍ය ඇතුළු චෝදනා සම්බන්දයෙන් මොහු සිරදඩුවම් විදිමින් සිට තිබෙනවා. මෙකි සිරකරුගේ සිරදඩුවම 2030 07.15 වැනි දින දක්වා නියම වි තිබුණා.

(ගාල්ල - ලලිත් චාමින්ද)

 

Rate this item
(2 votes)
Last modified on Thursday, 22 July 2021 16:33