April 20, 2024

ඇඟලුම් වෙළඳසැලකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් -කාන්තාවක් සැණින් කළ දේ

යාපනය කන්කසන්තුරෙයි මාර්ගයේ කොකුවිල්, කුලප්පිඩි මන්සන්ධියේදී ඊයේ (21) රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් ඇඟලුම් වෙළඳසැලකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කොට පලා ගොස් ඇතැයි යාපනය පොලීසිය පවසනවා.

ඇඟලුම් වෙළඳසැලට යතුරු පැදියකින් පැමිණි පිරිසක් විසින් එකවරම පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ල කොට පලා ගොස් ඇති අතර එම අවස්ථාවේදීම ක්‍රියාත්මක වූ ඇඟලුම් වෙළඳසැලේ හිමිකාරිනිය විසින් ගින්න දැක නිවා දැමීම හේතුවෙන් ඇඳුම් වෙතට ගින්න ව්‍යාප්ත වීම වැලකී ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් අදාල පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයෙන් ගින්න නිවා දැමීමට ගත් උත්සහයේදී අදාල කාන්තාවට සුළු තුවාල පමණක් සිදුව ඇති අතර පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ල කල පිරිස් සොයා පරික්ෂණයක් අරඹා ඇතැයිද යාපනය පොලීසිය වැඩිදුරටත් පැවසුවා.

(වන්නි - රොමේෂ් මධුෂංඛ)

Rate this item
(0 votes)
Last modified on Thursday, 22 July 2021 16:34