April 20, 2024

ගුරුවරු කොළඹ වටලයි - රථ වාහන තදබදයක්

ගුරු විදුහල්පති ගැටලුවලට විසඳුම් ලබාදෙන ලෙස බලකරමින් ගුරු සංගම් රැසක් එක්ව සංවිධානය කළ විරෝධතා පා ගමනක් කොළඹ දී අද (22) උදෑසන ආරම්භ වුණා.

මෙම උද්ඝෝෂණයට ලංකා ගුරු සංගමය, ලංකා ගුරු සේවා සංගමය, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය ඇතුළු ගුරු සංගම් 30කට අධික සංඛ්‍යාවක නියෝජිතයෝ විශාල පිරිසක් එක්ව සිටියා.

කොළඹ දුම්රියපල ඉදිරිපිටින් ආරම්භ වූ මෙම විරෝධතා පා ගමන මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලය ආසන්නයේ පැවැත්වෙන අතර මේ හේතුවෙන් මාර්ග අවහිරවීමෙන් කොටුව හා ඒ අවට ප්‍රදේශවල දැඩි රථවාහන තදබදයක් ද ඇති වී තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 22 July 2021 12:45