April 20, 2024

මියගිය දැරියගේ දෙමව්පියන්ගෙන් පැය 10ක් ප්‍රශ්න කරයි

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු සහ මන්ත්‍රි රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිළිස්සුම් තුවාල ලබා මියගිය 16 හැවිරිදි දැරියගේ මරණය සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනවලට අදාලව ඇගේ මව පියා, සොහොයුරා ඇතුලු සිව්දෙනකුගෙන් ඊයේ (21) පැය 10 ට අධික කාලයක් ප්‍රකාශ සටහන් කරගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවා.

කොළඹ දකුණ කොට්ඨාස අපරාධ කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් දැරිය පදිංචිව සිටි ඩයගම ප්‍රදේශයට ගොස් මෙම ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇගේ මව, පියා, සොහොයුරා හා දැරිය මෙම නිවස සදහා රැගෙන ගිය බව කියන තරව්කරුද සිටින බව හෙතම පැවසුවා.

මෙම දැරිය මරණය සම්බන්ධයෙන් මීට පෙර ද ඇගේ මව ඇතුලු 10 දෙනකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන තිබු අතර, දැරිය ලිංගික අපයෝජනයට ලක්ව ඇති බවට ඇයගේ මරණය සම්බන්ධයෙන් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී හෙළි වීමත් සමග ඇයගේ මව මව ඇතුලු පිරිසකගෙන් යළිත් ප්‍රකාශ සටහන් කරගත් බවද පොලිසිය කියයි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 22 July 2021 12:47