July 30, 2021

වවුනියා කඳවුරේ සෙබලෙකු වෙඩි තබා ගනී

යාපනය නාවට්කුලි යුදහමුදා කඳවුරේ සෙබලෙකු අද (22) උදෑසන සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන ඇතැයි චාවකච්චේරි පොලීසියි පවසනවා.

මෙලෙස සියදිවි හානි කොට ගෙන ඇත්තේ නාවට්කුලි යුද හමුදා කඳවුරේ 12 වන ගැමුණු හේවා බලකායට අනුයුක්ත කොට සිටි සෙබලෙකු වන බව ද පොලීසිය දැනුම් දී තිබෙනවා.

මිය ගිය යුද හමුදා සෙබලා මාතර ඌරුබොක්ක ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු ඊයේ රාත්‍රියේ මුර සේවය සඳහා ගොස් අද අලුයම් කාලයේදී මුරකුටියේදී සිය රාජකාරී ගිනි අවියෙන්ම වෙඩි තබාගෙන සිය දිවි හානි කරගෙන ඇතැයි මූලික පරික්ෂණ වලදී හෙලි වී තිබෙනවා.

මිය ගිය යුද හමුදා සෙබලා වෙඩි තබා ගැනීමට හේතුව මෙතෙක් අනාවරනය වී නොමැති අතර පෞද්ගලික හේතුවක් විය හැකි බවට සැක පල කරන්නේයැයි පරික්ෂණ සිදු කරන චාවකච්චේරි පොලීසිය සහ යුදහමුදා පොලීසිය වැඩිදුරටත් පැවසුවා.

(වන්නි - රොමේෂ් මධුෂංඛ)

 

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 22 July 2021 12:52