March 29, 2024

රිෂාඩ්ගේ බිරිඳ අයේශා දැරිවියට සලකා තිබෙන්නේ තිරිසන් විදිහට

රිෂාඩ් බදුර්දීන්ගේ මන්ත්‍රීවරයාගේ බිරිඳ බිරිඳ වන අයේශා බදුර්දීන් මියගිය ඉශාලිනී ජූඩ් කුමාර් බාල වයස් වයස්කාර දැරිවියකට අමානුෂික ලෙස සලකා ඇති බව වාර්තා වෙමින් තිබෙනවා.

මිය ගිය දැරිවිය මීට මාස 8කට පමණ පෙර රිෂාඩ් බදුදීන් මහතාගේ නිවසේ මෙහෙකාරකමට පැමිණ ඇති බවයි සඳහන් වන්නේ.

දැරිවියගේ මවට බොරු කීම

එම කාලය තුළ මිය ගිය දැරිවියගේ මව සිය දියණිය දැක බලා ගැනීම සඳහා 4 වතාවක් හැටන් සිට බදුදීන් මහතාගේ බෞද්ධාලෝක මාවතේ නිවස වෙත පැමිණ තිබෙනවා.

ඒ කිසිදු වතාවක මියගිය දැරිවියට සිය මව හමුවීමට බදුදීන් මහතාගේ බිරිඳ ඉඩ දී නොමැති අතර දැරිවිය පුත්තලමේ නිවසක සිටින බව  4  වතාවෙම දන්වා තිබෙනවා.

දැරිවියට මව සමග දුරකථනයෙන් කතා කිරීමට අවස්ථාව ලබාදී තිබෙන්නේද රිෂාඩ් බදුදීන් මහතාගේ බිරිඳ ඉදිරිපිටදී ලවුස්පීකර් දමා බවද වාර්තා වනවා.

දුරකථන කතාබහටත් සවන් දීම

එහිදී දැරිවියට සිය මව සමග කිසිදු පෞද්ගලික දෙයක් කතා කිරීමට රිෂාඩ් බදුදීන් මහතාගේ බිරිඳ ඉඩ ලබා දී නැහැ.

තමාට නිවැසියන්ගෙන් හිරිහැර වන බව පමණක් දැරිවිය විසින් දුරකථනයෙන් මවට දැනුම්දී තිබෙනවා.

දැරියට පහර දීම

එසේ දැරිවියට පහර දෙන්නේ මෙහෙකාර වැඩ කටයුතු හරියට කරන්නේ නැති නිසා බව එහිදී තමන් අමතා බදුර්දීන්ගේ බිරිඳ පැවසූ බව දැරිවියගේ මව මේ වන විටත් හෙළිදරව් කර තිබෙනවා.

එපමනක් නොව දැරිවියට නිවසේ පිටුපසට වන්නට ඇති එළියෙන් ඇතුල් විය හැකි ඩබල් ඇඳක් පමණක් ඇති අනාරක්ෂිත කාමරයක්ද ලබාදී තිබෙනවා.

දැරිවියක රාත්‍රී 10.30 ට එම කාමරයට දමා අගුලුදා වසා දමන අතර යළිත් පැය 6කට පසු පාන්දර 05:30 ට මෙහෙකාර වැඩ කටයුතු සඳහා රිෂාඩ් බදුර්දීන්ගේ බිරිඳ යොදවා තිබෙනවා.

දැරිවිය අතවරයට ලක්ව තිබෙන්නේ මෙම අනාරක්ෂිත කාමරේදී බවයි විශ්වාස කෙරෙන්නේ.

ගෙදර පාලනය බිරිඳ අතේ

රිෂාඩ් බදුර්දීන් මහතා දැරිවිය මෙහෙකාර සේවයට පැමිණ මාස පහකට පමණ පසු සිට එනම් පසුගිය අප්‍රේල් මස සිට සිටින්නේ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝග මත අත්අඩංගුවේ වන බැවින් නිවසේ සියලු කටයුතු සිදුව තිබෙන්නේ ඔහුගේ බිරිඳගේ අණසක යටතේ.

දැරිවිය තමන්ට මෙම නිවසේ තවදුරටත් සිටීමට නොහැකි බව ඇගේ මවට දැනුම් දී තිබෙන අතර එහිදී මව සඳහන් කර තිබෙන්නේ තමන් එම නිවසේ මෙහෙකාර සේවයට පැමිණ දියණියව යළි නිවස බලා යැවීමට සූදානම් බවයි.

ඒ සඳහා පසුගිය ජූලි 6 වනදා රිෂාඩ් බදුදීන් මහතාගේ නිවස වෙත පැමිණීමට දැරියගේ මව සූදානමින් සිට තිබෙනවා.

මව ඒමට පෙර ගිනි තබා ගැනීම

එහෙත් මව පැමිණීමට දින 3කට පෙර එනම් ජූලි 3 වනදා දැරිවිය පිලිස්සීමට ලක් වී තිබෙන්නේ.

දැරිවියගේ සිරුරෙන් 72% කට වඩා ප්‍රමාණයක් පිලිස්සී ඇති බවයි වාර්තා වන්නේ.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 22 July 2021 11:10