April 20, 2024

ගුරු - විදුහල්පතිවරු අද කොළඹට

ගුරු - විදුහල්පති වෘත්තීය සමිති කිහිපයක් අද (22) කොටුව දුම්රිය පොළ ඉදිරිපිට විරෝධතාවක නිරතවීමට නියමිතව තිබෙනවා.

වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ඔවුන් එම විරෝධතාවයේ නිරත වන බව වෘත්තීය සමිති නියෝජිතයින් සඳහන් කළා.

කොටුව දුම්රිය පොළ ඉදිරිපිටින් ආරම්භ කරන උද්ඝෝෂණය පසුව ජනාධිති ලේකම් කාර්යාල දක්වා ගමන් කිරීමට නියමිතයි.

සිය ගැටලු සඳහා විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් මේ වන විටත් දින 11ක් පුරා මාර්ගගත ඉගැන්වීමේ කටයුතුවලින් ඉවත්වීමට ගුරුවරුන් කටයුතු කර තිබුණා.

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ඊයේ (21) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ අදාළ ඉල්ලීම් ලබාදෙන තෙක් තම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.

කෙසේවෙතත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ ගුරු වෘත්තිය සමිති ඉල්ලා සිටින පරිදි ක්ෂණිකව වැටුප් ඉහළ දැමිය නොහැකි බවයි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 22 July 2021 10:29