April 25, 2024

හැටන් ප්‍රදේශයේ උණුසුම් තත්වයක් - ගිලන් රථයත් වට කරගෙන (PHOTOS)

හැටන් හිජිරාපුර ප්‍රදේශයේ කොවිඩ් 19 වෛරසය ආසාදනය වු ආසාදිතයන් තිදෙනෙකු රැගෙන යාමට පැමිණි මඩුල්ල දිසා රෝහලේ ගිලන් රථ රියදුරෙකු සහ හිජිරාපුර ගම්වාසින් අතර අද (21) දින ඇති වු උණුසුම් තත්ත්වයක් හේතුවෙන් ගිලන් රථයට නංවාගත් ආසාදිතයන් තිදෙනා ගිලන් රථයෙන් බස්සවා යෑමට ගිලන් රථ රියදුරා කටයුතු කරනු ලැබුවා.

හැටන් හිජිරාපුර ප්‍රදේශයේ කොවිඩ් 19 වෛරසය ආසාදනය වී මියගිය ආසාදිතයන් දෙදෙනෙකු සහ මිය ගිය ආසාදිතයෙකුගේ නිවසේ පැවති විවාහ මංගල්‍ය උත්සවයකට සහභාගි වු 38දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කර පසුගිය 18 වනදා සිදු කරන පි.සි.ආර් පරික්ෂණ අනුව 11දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වි ඇති බවට අද (21) දින තහවුරු වු බවයි හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශ නිලධාරින් කියා සිටියේ.

ආසාදිතයන් 11දෙනාගෙන් ආසාදිතයන් 03 පමණක් නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කිරිමට හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශ නිලධාරින් කටයුතු කල බවත්, ආසාදිතයන් 11දෙනාම නිරෝධායන මධ්‍යස්ථාන කරා රැගෙන යන ලෙසයි හැටන් හිජිරාපුර ගම්වාසින් ගිලන් රථ රියදුරා හමුවේ කියා සිටියේ.

හැටන් හිජිරාපුර ප්‍රදේශයේ ආසාදිතයන් 11දෙනා අතර එකම පවුලේ ආසාදිතයන් වැඩි පිරිසක් සිටින බවත්, ඇතැම් ආසාදිතයන් හැටන් නගරයේ ව්‍යාපාරිකයන් බවයි හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශ නිලධාරින් කියා සිටියේ.

හැටන් හිජිරාපුර ගම්වාසින් සෞඛ්‍ය අංශ උසස් නිලධාරින්ට තම ගැටළුව සම්බන්ධයෙන් දැනුවත් කිරිමෙන් අනතුරුව ආසාදිතයන් 11දෙනාගෙන් ආසාදිතයන් 06 දෙනෙකු එම ගිලන් රථයේම නිරෝධායන මධ්‍යස්ථාන කරා රැගෙන යාමට ගිලන් රථ රියදුරා කටයුතු කරනු ලැබුවා.

අනෙකුත් ආසාදිතයන් වෙනත් ගිලන් රථයක් ගෙන්වා නිරෝධායන මධ්‍යස්ථානයක් කරා යොමු කිරිමටත් ආසාදිතයන් 11 දෙනාගේ ළගම ආශ්‍රිතයන් ස්වයං නිරෝධානයට යොමු කිරිමට කටයුතු කරන බව හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශ නිලධාරින් පැවසුවා.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 21 July 2021 15:46