April 23, 2024

ශ්‍රීලනිප මුලස්ථානයේ හොරකමක්! පුද්ගලයෙකු කොටුවෙයි Featured

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ සවිකර තිබු වායු සමීකරණ යන්ත්‍ර 4ක තඹ කම්බි සහිත කොටස් සොරකම් කිරීම සම්බන්ධයෙන් ද පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසූවේ කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙක් එලෙස අත්අඩංගුවට පත්වු බවයි.

එම සැකකරු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වු අයෙක් බවත් ඔහු අද (21) දින අධිකරණයට ඉදිරිපත් කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.

ඉකුත් 18 දින පස්වරුවේ එම කාර්යාලය වසා දමා ගොස් ඇති බවත්, 19 දින පෙරවරුවේ විවෘත කිරීමේදී පිටතින් සවිකර තිබු වායුසමීකරණ යන්ත්‍රයක වයර් කපා තිබෙනු දැක සිද්ධිය මරදාන පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

සැකකරු මෙම කම්බි යකඩ බඩුකඩයකට අලෙවි කර තිබියදී සොයාගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු දිවයිනේ ලියාපදිංචි අපරාධ කරුවෙක් බවද පොලිසිය පෙන්වා දෙනවා.

Rate this item
(0 votes)

Related items