April 23, 2024

වෙනූෂාගේ පාසල දින නියමයකින් තොර ව වසා දමයි 

කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලයේ හිටපු විදුහල්පති ඊයේ රිමාන්ඩ් භාරයට පත් කිරීමත් සමග අද දින එම විද්‍යාලය ඉදිරිපිට ඔහු නිදහස් කරන ලෙස ඉල්ලමින් විශාල පිරිසක් උද්ඝෝෂණයක නිරත වූහ.

පොලිස් කැරලි මර්දන ඒකකය මගින් උද්ඝෝෂණකරුවන් විසුරුවා හැරීමට උත්සාහ කළ ද එය අසාර්ථක වූ බැවින් එම විදුහලේ පළමු වාරයේ නිවාඩු අද දින සිට ලබා දෙන ලෙස වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් එච්ඒඑම් සිරිසේන මහතා නියෝග කර තිබේ.

ඒ අනුව දින නියමයකින් තොර ව එම පාසල අද දින සිට වසා දැමූ බව එම පාසලේ වැඩ බලන විදුහල්පති සඳහන් කරයි.

ගුණරත්න ලියනාරච්චි 

Rate this item
(0 votes)