April 20, 2024

පාපතරයින් දෙදෙනෙකු නිවසට පැමිණ අක්කා සහ නංගී දූෂණය කරලා

පුද්ගලයින් දෙදෙනෙකු එක් වී දැරියන් දෙදෙනෙකු දූෂණය කර ඇති පුවතක් පෝද්දල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස දූෂණයට ලක්ව ඇත්තේ එකම පවුලේ සොයුරියන් දෙදෙනෙකු බව යි පොලීසිය සඳහන් කළේ.

දැරියන් දෙදෙනාගෙන් වැඩිමහල් සොයුරියගේ වයස අවුරුදු 15ක් බවත්, ඇයගේ නැගණියගේ වයස අවුරුදු 12ක් බවත් සඳහන්.

මෙම අපරාධය සිදුකර ඇති පුද්ගලයින් දෙදෙනා අවුරුදු 30 සහ 21 වයස්වල පසුවන්නන්.

මොවුන් දෙදෙනා දැරියන්ගේ නිවසට පැමිණ දැරියන් දෙදෙනාව නිවස පිටුපසට රැගෙන ගොස් දූෂණය කර ඇති බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබෙනවා.

අපරාධකරුවන් දෙදෙනාවම අත්අඩංගුවට ගැනීමට පෝද්දල පොලීසිය සමත් වී ඇති බව යි වාර්තා වන්නේ.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 21 July 2021 11:45