March 29, 2024

“අපේ ගැටුම් ඉවර නැහැ” - ගම්මන්පිල ගැන සාගර දැන් කියන කතාව Featured

විශ්වාසභංගය හරහා මෙම රට විනාශ කළ එක්සත් ජාතික පක්ෂයට හෝ සමගි ජන බලවේගයට නැවත බලයට පැමිණීමට ඉඩ නොතබන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසා සිටිනවා.

එහිදී සාගර කාරියවසම් මහතා වැඩිදුරටත් පවසා සිටියේ බලශක්ති අමාත්‍යවරයා වෙත නගපු චෝදනා තවමත් වලංගු බවයි.

අමාත්‍ය ගම්මන්පිල සමඟ තමන්ගේ කිසිදු පෞද්ගලික වෛරයක් නොමැති බවත්, තෙල් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් වන මත ගැටුම තවමත් ඇති බවත් එය ඉදිරියටත් තිබෙන බවත් මන්ත්‍රීවරයා පවසා සිටියා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (20) දිනයේ පැවැති පාර්ලිමේන්තු සැසිවාරයේ දී බලශක්ති අමාත්‍යරයාට එරෙහිව විශ්වාසභංගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Rate this item
(0 votes)