April 24, 2024

ඇමති ඩලස්ට විපක්ෂයෙන් විශිෂ්ට චරිත සහතිකයක්

විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රධාන පාර්ශ්වය වන සමගි ජන බලවේගයේ විශේෂ ඇගයීමකට ලක් වුණා.

ඒ පොදුවේ අනිත් බොහෝ ඇමතිවරුන්ට එල්ල වී තිබෙන මහජන මුදල් මංකොල්ල කෑමේ චෝදනාවක් එල්ල නොවූ ඇමතිවරුන් අතළොස්සෙන් කෙනෙක් ලෙස මහජනතාව අතර පිළිගැනීමක් තිබෙන බවට කරනු ලැබූ ඇගයීමයි.

විපක්ෂයේ මන්ත්‍රීවරුන් දෙපළකගේ අදහස

ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයාව ඒ ආකාරයට ඇගයීමකට ලක් කරේ හේශා විතානගේ මන්ත්‍රීවරයායි.

ඉන් පසුව අදහස් දැක්වූ චමින්ද විජේසිරි මන්ත්‍රීවරයාද ඩලස් අමාත්‍යවරයාව ඇගයීමකට ලක් කළේ පාඩු ලබමින් තිබෙන විදුලි විදුලිබල මණ්ඩලයට තවත් බර පැටවීම සඳහා කිසිදු රැකියා අවස්ථාවක් විදුලිබල මණ්ඩලයේ ලබා නොදුන් අමාත්‍යවරයෙකු ලෙස හුවා දක්වමින්.

කතා කරන්නේ හොඳට හොයා බලා

තමන් මෙම කරුණු ඉදිරිපත් කරන්නේ හොඳට සොයා බැලීමෙන් පසුව බවද විජේසිරි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළා.

මෙම ඇගයීම් සිදු කරනු ලැබූවේ යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකාවට ලබාදීම සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අදාල මන්ත්‍රීවරුන් අමාත්‍යවරයාගෙන් කරුණු විමසමින්.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 20 July 2021 11:49

Related items