April 20, 2024

විමල් මග හැරියට නව ඇමතිට දයාසිරි මුහුණ දෙයි

මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් බැසිල් රාජපක්ෂ මහතාව ප්‍රසිද්ධියේ විවේචනය කරන ආණ්ඩු පක්ෂයේ අමාත්‍යවරයෙක් සහ රාජ්‍ය අමාත්‍යවරයෙක් සිටිනවා.

ඒ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ සහ බතික් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර යන මහත්වරුන්.

තිදෙනා සම්බන්ධ වූ සුවිශේෂී සිදුවීම

මේ දෙන්නා හා බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා සම්බන්ධ සුවිශේෂී සිදුවීමක් පසුගිය දිනවල දක්නට ලැබුණා.

මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් බැසිල් රාජපක්ෂ මහතා රටේ මූල්‍ය හා ආර්ථිකය බැඳී අමාත්‍යාංශ කිහිපයක ප්‍රධානින් සමඟ සාකච්ඡා පැවැත්වූවා..

මුලින්ම පැවැත්වූයේ වීරවංශ මහතා අමාත්‍ය ධුරය දරන කර්මාන්ත අමාත්‍යංශ නිලධාරීන් සමඟයි.

විමල් මග හැරීම

එම රැස්වීම විමල් වීරවංශ අමාත්‍යවරයා මග හැරියේ කලින් යොදාගත් වැඩක් අම්පාරේ දීඝවාපිය විහාරයේ තියෙන බව දන්වමින්.

එහෙත් ආරංචි මාර්ග වලට අනුව ප්‍රකාශ වෙන්නේ විමල් වීරවංශ අමාත්‍යවරයා හැම විටම බැසිල් රාජපක්ෂ මහතා සම්බන්ධ වන අවස්ථා මග හැරීමට කටයුතු කරණ බවයි.

බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දුන් අවස්ථාවද මගහැරි වීරවංශ මහතා බැසිල් රාජපක්ෂ මහතා සහභාගි වූ පළමු කැබිනට් මණ්ඩල රැස්වීමට පමණක් සහභාගි වුණා.

දයාසිරි මුහුණ දෙයි

කර්මාන්ත අමාත්‍යාංශය හමුවෙන් පසු දයාසිරි ජයසේකර මහතාගේ රාජ්‍ය අමාත්‍ය විෂය හා සම්බන්ධ රැස්වීමක් බැසිල් රාජපක්ෂ මහතා කැඳවා තිබුණා.

ඒ රෙදිපිළි සහ ඇඟලුම් ක්ෂේත්‍රයේ නියෝජිත හමුවක්.

කොවිඩ් - 19 වසංගත තත්ත්වය හමුවේ ඉලක්ක සපුරා ගැනීමට හැකිවන අයුරින් කර්මාන්ත ශාලාවල කටයුතු අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීම සම්බන්ධයෙන්.

මෙම රැස්වීමට දයාසිරි ජයසේකර රාජ්‍ය අමාත්‍යවරයා සහභාගි වී තිබීම විශේෂත්වයක්.

දයාසිරි ජයසේකර මහතාගේ රාජ්‍ය අමාත්‍යාංශය භාර කැබිනට් අමාත්‍යවරයා වන්නේද බැසිල් රාජපක්ෂ මහතා කැඳවූ කර්මාන්ත අමාත්‍යාංශ රැස්වීම වර්ජනය කළ විමල් වීරවංශ මහතායි.

විහිලු රාජ්‍ය ඇමති ධූරයේ නිර්මාතෘ

තමාට දුන් බතික් අමාත්‍ය ධූරය බැසිල් රාජපක්ෂ මහතා විසින් හදන ලද විහිලු අමාත්‍ය ධූරවලින් එකක් බව මීට ටික දිනකට පෙර දයාසිරි ජයසේකර රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රසිද්ධියේම කරපු ප්‍රකාශයක්.

Rate this item
(1 Vote)
Last modified on Saturday, 17 July 2021 19:36

Related items