April 19, 2024

"තීන්දුවක් ගැනීමට කාලේ හරි" - පොහොට්ටු ඇමති පිම්මකට සූදානම්!

දේශපාලනික වශයෙන් තමන් දැඩි ලෙස කලකිරීමට පත්ව ඇති බව රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා පවසනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ඒ මහතා ආණමඩුව ප්‍රදේශයේ පැවැති උත්සවයන් අතරතුර එහි සිටි පිරිස අමතමින් කියා සිටියේ තමන් වැනි රාජ්‍ය අමාත්‍යවරුන්ට ඇති ගැටළු පිළිබඳව සිය නායකයින් ද විසඳුම් ලබා නොදෙන බව යි.

ඇතැමුන්ට මෙම ගැටළු පිළිබඳ පැවසූ විට බීරි අලින්ට වීණා වැයුවාක් මෙන් කිසිදු ඵලක් නොමැති බව ඔහු ප්‍රකාශ කරනවා.

අමාත්‍යංශය තුළ රාජකාරී කිරීමේ දී ද බොහෝ ගැටළුවලට මුහුණ දීමට සිදුව ඇති බවට යි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් චෝදනා කළේ.

එම නිසා තමන්ට තීන්දුවක් ගැනීමට කාලය එළඹ ඇති බවයි ඔහු අවධාරණය කරන්නේ.

තමන් කිසිවෙකුට බිය නොමැති බවත්, එම නිසා ඍජු තීන්දු ගැනීමේ හැකියාව තමන්ට පවතින බවත් ඔහු ප්‍රකාශ කොට සිටියා.

යමක් වැරදුණා නම් එය නිවැරදි කිරීමේ බලය ඇත්තේ ජනතාවට බවත්, එම නිසා ජනතාවට ද තීන්දු ගැනීමේ කාලය පැමිණ ඇති බවත් ඔහු පෙන්වා දෙනවා.

Rate this item
(0 votes)
Last modified on Friday, 16 July 2021 23:16

Related items