April 20, 2024

පොලිස් ස්ථානයක් ගිනි ගනියි

අද (16) අළුයම මරදාන පොලිස් ස්ථානයේ ගින්නක් හටගෙන තිබෙනවා.

පොලිස් ස්ථානයේ දෙවැනි මහලේ මෙම ගින්න හටගෙන ඇති බව යි වාර්තා වන්නේ.

ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව ද ඒ බව සනාථ කළා.

එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ සිය සේවා රථ 03ක් ඒ සඳහා යොදවා ඇති බව යි.

අද අළුයම 5.30ට පමණ මෙම ගින්න ආරම්භ වී ඇති වව සඳහන්.

පොලීසිය සඳහන් කළේ නිලධාරීන් ලැගුම් ගන්නා කොටසක මෙම ගින්න ඇරඹී ඇති බව යි.

කෙසේ වෙතත් ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

මේවන විට ගින්න පාලනය කිරීමට හැකියාව ලැබී ඇති බව ද වාර්තා වූවා.

Rate this item
(0 votes)
Last modified on Friday, 16 July 2021 10:01