October 15, 2024

පොරොන්දු ඉටු කර නැහැ - හෙද නිලධාරීන් යළි වැඩ වර්ජනයකට සැරසෙයි

පසුගිය 01 වැනිදා සිට 03 වැනිදා දක්වා ක්‍රියාත්මක වූ හෙද වැඩ වර්ජනය හේතුවෙන් මෙරට රෝගීන් විශාල දැඩිව අසරණ භාවයට පත් වුණා.

පසුව රජය මැදිහත්ව ඔවුන්ගේ ඉල්ලීම් ලබාදෙන බවට පොරොන්දු වීමෙන් අනතුරුව එම හෙද වැඩ වර්ජනය නිමාවට පත් වුණා.

නමුත් අද (14) දිනයේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී හෙද නිලධාරීන්ගේ සංගම් නියෝජිතයන් පවසා තිබුණේ පොරොන්දු වූ ඉල්ලීම් මෙතෙක් ලබාදී නොමැති බවයි.

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය පවසා සිටියේ හෙද නිලධාරීන්ගේ ඉල්ලීම් ඉටු කිරීම සඳහා ඉදිරිපත් කළ කැබිනට් ප්‍රතිකාවලට අදාළ චක්‍රලේඛ තවමත් නිකුත් වි නොමැති බවයි.

එහිදී ඔහු වැඩිදුරටත් සිටියේ මේ තත්ත්වය තුළ හෙද නිලධාරීන් ඉච්ඡාභංගත්වයට පත්ව ඇති බවයි. 

එමෙන්ම ඔහු වැඩිදුරටත් පවසා සිටියේ  ආණ්ඩුවට සහ සෞඛ්‍ය අමාත්‍යංශයට ලබන සතිය දක්වා කල් ලබාදෙන බවත් එම කාලය තුළ අදාළ චක්‍රලේඛ නිකුත් කිරීමට පියවර ගන්නා ලෙසත් සමන් රතනප්‍රිය පවසා සිටියා.

එසේ චක්‍රලේඛ නිකුත් කිරීමට නොහැකි වුවහොත් ලබන සතියේ දී වෘත්තීය ක්‍රියාමාර්ගවලට යන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

Rate this item
(0 votes)