March 29, 2024

වෙල්ගම සජිත් පිල අන්දලාද: සජිත් පිල වෙල්ගමව අන්දලාද ?

කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා වෙනම පක්ෂයක් සෑදීම පිළිබඳව සමගි ජන බලවේගයේ ඉහළම නායකත්වයේ විරෝධයක් හෝ කලබලයක් නොමැති බව එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පමණක් නොව දේශපාලන කපුකම් වලට ප්‍රසිද්ධ වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු බොහෝ මන්ත්‍රීවරු වෙල්ගම මහතාගේ මෙම නව පක්ෂ හැදිල්ල ගැන දක්වන්නේ සුබවාදී ප්‍රතිචාරයක් බවයි වාර්තා වන්නේ.

වෙල්ගමගේ නව පක්ෂයට සුබවාදී ප්‍රතිචාර

කුමාර වෙල්ගම මන්ත්‍රීවරයාගේ නව පක්ෂය සම්බන්ධයෙන් සමගි ජන බලවේගය අභ්‍යන්තරයේ සාකච්ඡා වී ඇති අතර එහිදී ඇතැම් මන්ත්‍රීවරු පවසා තිබෙන්නේ එම පක්ෂය සාදන්නේ සමගි ජන බලවේගය අනුදැනුම මත බවයි.

වෙල්ගම මන්ත්‍රීවරයා හදන පක්ෂය වටා ඒකරාශී වන පිරිස් සමග එම පක්ෂය මැතිවරණයක් ආසන්නයේදී සමගි ජන බලවේගය සමග එකතු වනු ඇති බවත් එම පිරිස් පෙන්වා දෙනවා.

පක්ෂය හදන්නේ වෙනත් වැඩකට

එහෙත් දැනගන්නට තිබෙන ආරංචි මාර්ග වලට අනුව වෙල්ගම මන්ත්‍රීවරයා "අපි ශ්‍රී ලංකා" නමින් පක්ෂයක් හදන්නේ විදෙස්ගතව සිටින මෙරට සුප්‍රකට දේශපාලන පවුලක තරුණ පුත්‍රයෙකු දේශපාලනයට ගෙන ඒමටයි.

සමගි ජන බලවේගයම නියෝජනය කරන පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා "43 වැනි සේනාංකය" නමින් සංවිධානයක් ගොඩනැගීම පිළිබඳව සමගි ජන බලවේගය අභ්‍යන්තරයෙ බරපතළ විරෝධයක් තිබෙන බව ප්‍රකට කරුණක්.

වෙල්ගමට නැති විරෝධය චම්පිකට

එහෙත් ඊට තියෙන ආකාරයේ විරෝධයක් වෙල්ගම මන්ත්‍රීවරයාගේ පක්ෂයට සමගි ජන බලවේග අභ්‍යන්තරයේ නොමැතිකම විශේෂත්වයක්.

කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා සමගි ජන බලවේගය නියෝජනය කරන්නේ නව ලංකා නිදහස් පක්ෂය නම් පක්ෂයක නායකයා ලෙස වන අතර එම පක්ෂයද ලියා පදිංචි පක්ෂයක් නොවන බවයි හෙළිදරව් වී තිබෙන්නේ.

දෙන්නාම සාමාජිකයෝ නෙවෙයි

එම හෙළිදරව් කරන ලද්දේ වෙල්ගම මන්ත්‍රීවරයාගේ "අපි ශ්‍රී ලංකා"පක්ෂයට විරෝධය දක්වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතායි.

කුමාර වෙල්ගම මන්ත්‍රීවරයාද පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා මෙන් සමගි ජන ජනබලවේගයේ සාමාජිකත්වය ගෙන නොමැති බවත් දැනගන්නට තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 13 July 2021 11:31