April 20, 2024

ජවිපෙ තවත් ප්‍රබල දේශපාලන ක්‍රියාකාරීයෙකු අත්අඩංගුවට

ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන ක්‍රියාකාරී මහින්ද ජයසිංහ අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වෙනවා.

මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙන්නේ මුතුරාජවෙල ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත එල්.එන්.ජී. බලාගාරයට එරෙහිව පැවති විරෝධතාවයක් ආරම්භ කිරීමට උත්සහා කිරීම චෝදනාව මතයි.

මහින්ද ජයසිංහ සමඟ එයට සම්බන්ධ වූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ පමුණුගම පොලීසිය විසින් උද්ඝෝෂණය කළ පිරිස හට පවසා තිබුණේ ලිසර මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් අධිකරණ නියෝගයක් මත පමුණුගම පොලිස් බල ප්‍රදේශයේ උද්ඝෝෂණ පැවැත්වීම තහනම් කර ඇති බවයි.

ඒ අනුව මහින්ද ජයසිංහ ඇතුළු පිරිස විසින් ජාඇල ප්‍රදේශයේ දී අදාළ විරෝධතාවය දැක්වීමට උත්සාහ දරා ඇති අතර එහිදී ඔවුන්ව පමුණුගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

මේ අතර අද (07) උදෑසන ජනතා විමුක්ති පෙරමුණේ ගොවි සංගමයේ ලේකම් නාමල් කරුණාරත්න සහ එම පක්ෂයේම හිටපු ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න යන මහත්වරුන් ද අත්අඩංගුවට ගැනුණේ නිරෝධායන නීති උල්ලංඝනය කළ බවට වන චෝදනා මතයි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 08 July 2021 12:11

Related items