April 20, 2024

සහරාන්ගේ මිතුරෙකුට වැඩ වරදියි

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය එල්ල කළ ප්‍රධාන ත්‍රස්තවාදියා ලෙස සැළකෙන සහරාන් හෂීම් සමග සමීප සබඳතා පැවැත්වූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින්.

මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ මාවනැල්ල, බෙලිගම්මන ප්‍රදේශයේ දියි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොහොමඩ් සලීම් මොහොමඩ් සෆ්‍රාස් නමැති අයෙක්.

ඔහුගේ වයස අවුරුදු 32ක්වන බව වාර්තාවනවා.

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළව මේවන විට ක්‍රියාත්මක විමර්ශනවලට අදාළව මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 06 July 2021 20:37