April 16, 2024

විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ “කැපිල්ල” ගැන කතා කරයි Featured

රූපවාහිනි නාලිකාවක වැඩසටහනකට එක්වෙමින් හිටපු සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් වත්මන් පරිසර අමාත්‍යංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් වත්මන් කොවිඩ් තත්ත්වය පිළිබඳව අදහස් පළ කර තිබුණා.

එම වැඩසටහනේ දී මාධ්‍යවේදියා විසින් වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගෙන් විමසා සිටියේ “කොවිඩ් පාලනයේ දී කොතනද වැරදුණේ?” යනුවෙනි.

එයට පිළිතුරු දෙමින් අනිල් ජාසිංහ මහතා කියා සිටියේ “අද මේ සාකච්ඡාවට එන්න ඉස්සල්ලාම මම කිව්වා කොවිඩ් ගැන මගෙන් අහන්න එපා කියලා” ලෙසිනි.

එහිදී මාධ්‍යවේදියා විසින් පෙරලා විමසා සිටියේ එසේ අහන්න එපා යැයි කියන්නේ කුමන හේතුවක් නිසාද යන්නයි.

එයට පිළිතුරු දෙමින් අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ තමන් දැන් සෞඛ්‍ය පද්ධතිය තුළ නැහැ කියලයි.

මාධ්‍යවේදියා විසින් ඇත්තටම අනිල් ජාසිංහට සිදුවුණේ කුමක්දැයි විමසා සිටියා. එයට පිළිතුරු දෙමින් ජාසිංහ මහතා කියා සිටියේ ඒවාට පසුබිම් තමන්ට කීමට අවශ්‍ය නොවන බවයි. 

මාධ්‍යවේදියා විසින් නැවත පෙරළා ප්‍රශ්න කරමින් අසා සිටියේ “අනිල් ජාසිංහ මහතාව සෞඛ්‍ය පද්ධතිය තුළින් කපා හැරියාද?” යන්නයි එම මතය ප්‍රතික්ෂේප කරමින් අනිල් ජාසිංහ මහතා කියා සිටියේ එවන් කිසිදු දෙයක් සිද්ධ නොවුණු බවත්, තමන් කැමැත්තෙන්ම පරිසර අමාත්‍යංශයේ ලේකම් ධූරය භාරගත් බවත් ඔහු සඳහන් කළා.

පළමු රැල්ල පාලනයේ දී විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් සකස් කළ ක්‍රමවේදය සහ දැන් ක්‍රියාත්මක කරන ලද ක්‍රමවේදයන් වෙනස් වී ඇතිද යන්න පිළිබඳවද එහිදී මාධ්‍යවේදියා විසින් විමසා සිටියා.

එයට පිළිතුරු දෙමින් ජාසිංහ මහතා කියා සිටියේ එම ක්‍රමවේදයන් සම්පුර්ණයෙන්ම වෙනස් වී ඇති බවයි.

Rate this item
(0 votes)

Related items