March 29, 2024

සජිත් - රනිල් පිළේ මන්ත්‍රීවරු හැප්පෙයි

අම්බලන්තොට ප්‍රාදේශිය සභාවේ මාසික සභා රැස්වීම සභාපති දර්ශන සංජිව මහතාගේ ප්‍රධානත්වයෙන් සභා රැස්වීම් ශාලාවේ දී අද (22) පැවැත්වුණා.

ආණ්ඩුකාරවරයාගේ උපදෙස් මත සභා රැස්වීම සෞඛ්‍ය හේතුන් මත, පැය භාගයට ආසන්න කාලයකින් අවසන් කිරීමට නියමිත වන හෙයින් ඒ සඳහා මන්ත්‍රීවරු සියළුදෙනා කටයුතු කරන ලෙසට ඉල්ලා සභාපතිවරයා රැස්වීම ආරම්භ කෙරුණා.

එදිනට නියමිත න්‍යාය පත්‍රයට අනුව කටයුතු අවසන් කරමින් අවසානයේ සභාව නියෝජනය කරන සෑම පක්ෂයකම එක් මන්ත්‍රීවරයෙකුට අදහස් පල කිරීමට සභාපතිවරයා අවස්ථාව ලබා දුන්නා.

ඒ අනුව මුලින්ම නැගී සිටි සමඟි ජනබලවේගය නියෝජනය කරන වයි.වී.ඒ.දමිත් මහතා සිය අදහස් පල කිරීම ආරම්භ වීමත් සමගම එක්සත් ජාතික පක්ෂයේ රනිල් පිල නියෝජනය කරන ආර්.පී.චන්ද්‍රකුමාර මහතාද නැගිට සභාපතිවරයාගෙන් ඉල්ලා සිටියේ මම සභාවේ විපක්ෂ නායක මට මුලින් කතා කරන්න අවස්ථාව ලබා දෙන ලෙසටය.

සජිත් පිල නියෝජනය කරන වයි.වී.ඒ.දමිත් මහතා කියා සිටියේ මේ සභාවේ විපක්ෂ නායක කියා තනතුරක් නැහැ. අපි ඔක්කොම සභාවේ සභිකයෝ. මම මුලින් නැගිට්ටේ. මට මුලින් කථාව කිරීමට අවස්ථාව දෙන ලෙසට මුලසුනෙන් ඉල්ලීමක් කළා.

ඒ අනුව දෙනා අතර දැඩි වාග් ප්‍රහාරයක් එල්ල කරගනිමින් සභාව එකම කාල ගෝට්ටියක් බවට පත් වුණා. සභාපතිවරයා සභාව සන්සුන් කිරීමට කිහිපවතාවක් උත්සාහ ගත්තා. මුලින් නැගී සිටි දමිත් මන්ත්‍රිවරයාට කථාව ලබා දීම සිදු කල යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය නියෝජනය කරන සියළු මන්ත්‍රීවරුද මෙහිදී පවසා සිටියා. ඒ අනුව දෙදෙනාගේ වාද විවාද මැද සභාපතිවරයා මුලින් අදහස් පලකිරීමට සජිත් පිලේ දමිත් මහතාට අවස්ථාව ලබාදුන්නා.

ගෙදර ප්‍රශ්න මේ සභාවට ගෙන්න එපා කියමින් සජිත් පිලේ මන්ත්‍රිවරු චන්ද්‍රකුමාර මහතාට දිගින් දිගටම චෝදනා කළා.

පොහොර හිඟය, තෙල්මිල ඉහළ යෑම, ඇතුළු ජනතා ගැටළු රැසකට ආණ්ඩුව නිහඩ වීමට විරෝධය පලකරමින් සජිත් පිලේ මන්ත්‍රීවරුන් වන වයි.වී.ඒ දමිත්, එස්.පී ජනිඳු,සුජීවා, එම්.එෆ.ඒ සකූර්, නිරෝෂා යන මන්ත්‍රීවරු කළු පටි බැඳ සභාවට පැමිණ සිටියා.

සජිත් පිලේ මන්ත්‍රීවරුන් දෙදෙනා වන ආර්.පී චන්ද්‍රකුමාර හා කේ.ජී අමිල කළු පටි පැලඳ සිටියේ නැත. 

අදහස් පලකිරීමට මන්ත්‍රිවරුන් දෙදෙනාට වැඩියෙන් අවස්ථාව ඉල්ලා සභාවේ නොසන්සුන්තාවයක් ඇති වීම හේතුවෙන් සභාවේ එදිනට  වැඩ අවසන් කරමින් සභාපතිවරයා  මූලාසනයෙන් ඉවත්ව ගියා. සභාපතිවරයා මුලාසනයෙන් ඉවත්ව ගිය පසුවත් ආණ්ඩු පක්ෂයේත්, සෙසු පක්ෂ වලත් සියළුම මන්ත්‍රි ඝෝෂා කරමින් එකිනෙකාට අදහස් පලකරන්නට වුණා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 22 June 2021 21:22