March 19, 2024

සජිත් පිලේ 11ක් විශ්වාසභංගෙට නෑ - අත්සන් නොකළ අය මෙන්න

උදය ගම්මන්පිල අමාත්‍යවරයාට එරෙහිව සමගි ජන බලවේගය විසින් අත්සන් තැබූ විශ්වාසභංග යෝජනාව අද (22) පෙරවරුවේ කතානායකවරයාට භාර දෙනු ලැබුවා.

ඒ එම බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ අතින්.

මෙම විශ්වාසභංගයට සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 54දෙනා අතුරින් 43 දෙනෙකු අත්සන් තබා තිබූ අතර මන්ත්‍රීවරුන් 11 දෙනෙකුගේ අත්සන් එයට හිමිවූයේ නැහැ.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ දී ආණ්ඩු පක්ෂය වෙත සහය ලබා දුන් මන්ත්‍රීවරුන් පිරිස මෙම විශ්වාසභංගයට අත්සන් නොතැබීමට ක්‍රියා කර තිබුණා.

එමෙන්ම මේවන විට රක්ෂිත බන්ධනාගාරගතව සිටින රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ අත්සන ද මෙම විශ්වාසභංගයට හිමි වූයේ නැහැ.

පී. දිගම්බරම් මන්ත්‍රීවරයාගේ අත්සන මෙයට නොලැබුණු අතර එයට හේතුව වූයේ ඔහු මේවන විට විදේශගතව සිටින බැවින්.

කෙසේ වෙතත් සමගි ජන බලවේගය නියෝජනය කරන ප්‍රබල චරිත දෙකක්වන කුමාර වෙල්ගම සහ මනෝ ගනේෂන් යන මන්ත්‍රීවරුන් ද මෙම විශ්වාසභංග යෝජනාවට අත්සන් තබා නොමැති වීම විශේෂයෙන් කැපී පෙණුනා.

මෙම විශ්වාසභංගයට අත්සන් තැබූ මන්ත්‍රීවරුන් ලැයිස්තුව මෙතනින්

Rate this item
(20 votes)
Last modified on Tuesday, 22 June 2021 21:08