March 19, 2024

"පොහොට්ටුව එක්ක ප්‍රශ්ණ ගොඩක් තියෙනවා" - ඇතුලේ අවුල ගැන මහින්දගේ කටින් පනියි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් සමග තම පක්ෂයට ප්‍රශ්ණ ගණනාවක් ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

ඔහු මේ බව අනාවරණය කළේ ඊයේ (21) රාත්‍රියේ රූපවාහිනී නාලිකාවක වැඩසටහනක් හා එක් වෙමින්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පවතින ගැටළු පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන දෙදෙනාටම දැනුම් දී ඇති බව ද අමරවීර මහතා එහි දී සඳහන් කළා.

ආණ්ඩුව තුළ තම පක්ෂය බලාපොරොත්තුවන දෑ රණ්ඩුවකින් තොරව සාකච්ඡා මාර්ගයෙන් දිනා ගැනීම සිය පක්ෂයේ අපේක්ෂාව බව ද ඔහු පෙන්වා දුන්නා.

අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ “ආණ්ඩුවත් සමග ගැටීමක් ඇති කරගෙන, මේ ආණ්ඩුව වට්ටලා, ආණ්ඩුව අපහසුතාවට පත් කරලා විපක්ෂය ශක්තිමත් කරන වැඩපිළිවෙලකට අපි යන්නෙ නෑ” යනුවෙන්.

එමෙන්ම ආණ්ඩුවට සම්බන්ධ කුඩා පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැඳින්විය නොහැකි බව ද මහින්ද අමරවීර මහතා අවධාරණය කළා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 22 June 2021 22:36

Related items