March 19, 2024

සංචරණයට අවසර දුන් සැණින් 11ක් එලොව යයි

සංචරණ සීමා ඉවත් කළ ඊයේ (21) දිනය තුළ පමණක් රිය අනතුරු හේතුවෙන් 11 දෙනෙකු මරණයට පත් වී ඇති බව වාර්තා වෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ද මේ බව තහවුරු කළා.

මෙම මරණ 11න් 08ක් සිදුව ඇත්තේ ඊයේ සිදු වුණු අනතුරුවලින්.

මියගිය අනෙක් පුද්ගලයින් තිදෙනා මීට දින කිහිපයකට පෙර සිදුවුණු අනතුරුවලින් තුවාල ලබා රෝහල්ගතව සිටි අය යි.

මෙම මරණ අතර පදිකයින් දෙදෙනෙක්, යතුරුපැදිකරුවන් හය දෙනෙක්, පාපැදිකරුවන් දෙදෙනෙක් සහ ලොරි රථයක ගමන් කළ එක් පුද්ගලයෙකු සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මාර්ගයේ ගමන්කරන පදිකයින් සහ කුඩා වාහනවල ගමන් ගන්නා පුද්ගලයින් වැඩිවශයෙන් රිය අනතුරුවලට භාජනය වී ජීවිතක්ෂයට පත්වන බව යි.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 22 June 2021 18:02