April 20, 2024

අජිත් රෝහණ කොරෝනා මර්දන වැඩසටහනෙන් ඉවත් වෙයි?

පසුගිය 18 වැනිදා පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතාගේ නියෝගයක් පරිදි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධූරයේ මෙන්ම නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ අජිත් රෝහණ මහතා හට උසස් වීමක් ලබාදී තිබුණා.

ඒ අනුව අජිත් රෝහණ මහතා ශ්‍රී ලංකා පොලීසියේ වැඩබලන ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරය සඳහා උසස් කර තිබෙනවා.

මෙම උසස් වීමත් සමඟ අජිත් රෝහණ මහතාටද නව රාජකාරී පැවරීම නිසා ඔහු කොරෝනා මර්දන වැඩසටහනෙන් ඉවත් වෙයි යන මතයක් පළ වී තිබුණා.

මේ සම්බන්ධව අජිත් රෝහණ මහතා සහභාගී වූ රූපවාහිනි වැඩසටහනකදී මාධ්‍යවේදියෙකු විසින් විමසා සිටින අතර එහිදී අජිත් රෝහණ මහතා පවසා සිටියේ තවමත් එසේ ඉවත් වීම පිළිබඳව කිසිදු අදහසක් නැහැ කියලයි.

ඉදිරියටත් එම කටයුතුවල නිරත වෙලා ඉන්න බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

Rate this item
(2 votes)