April 24, 2024

වෛද්‍යවරයෙකු වෙන්න හිටපු අජිත් රෝහණ පොලීසියේ නතර වුණු හැටි (VIDEO)

රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක වැඩ බලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා විසින් සිය ජීවිත අත්දැකීම් පිළිබඳව පවසා සිටියා.

එහිදී අජිත් රෝහණ මහතා සඳහන් කර සිටියේ තමන් පොලිස් නිලධාරියෙකු වීම සඳහා බලාපොරොත්තුවෙන් නොසිටි බවයි. ඔහු පවසා සිටියේ තමන් කොළඹ ආනන්දයේ උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් ඉගෙනුම ලබා වෛද්‍යවරයෙකු වීම සඳහා ආසාවෙන් සිටි බවයි.

නමුත් දැන් පොලිස් නිලධාරියෙකු වීම පිළිබඳව තමන්ට ලොකු අභිමානයක් ඇති බවද අජිත් රෝහණ මහතා පවසා සිටියා. වෛද්‍ය වෘත්තිය ශ්‍රේෂ්ඨ වෘත්තියක් ලෙස සඳහන් කළ ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ පොලිස් නිලධාරියෙකු මෙන්ම, නිතීඥවරයෙකු වීම පිළිබඳව තමන්ට අභිමානයක් ඇති බවයි.

එමෙන්ම රටේ ජනතාවට විවිධ පැතිකඩයන් ඔස්සේ සේවය කිරීමට ඇති හොඳම ස්ථානය ශ්‍රී ලංකා පොලීසිය බවද වැඩසටහනේ අදහස් දක්වමින් අජිත් රෝහණ මහතා පවසා සිටියා.

පොලිස් සේවය සිටින කාලය තුළදී ලෝකයේ විවිධ වැඩසටහන්වල සහභාගී වී ලෝකය පුරා සංචාරය කළ බවද පැවසු අජිත් රෝහණ මහතා පවසා සිටියේ වයස අවුරුදු 21 දී පොලිස් සේවයට එක්වූ තමන්ට ශ්‍රී ලංකා පොලීසියට සම්බන්ධ වීම තුළින් මෙතරම් ජීවිතය ජය ගැනීමට නොහැකි වේවියැයි නොසිතුණු බවයි.

ඒ මහතා දැක්වූ සම්පුර්ණ අදහස පහතින්,

Rate this item
(3 votes)