April 26, 2024

රට පුරා ඉන්ධන හිඟයක් ගැන රතු එළියක්

ඉන්ධන ප්‍රවාහනය සඳහා වැය වන පිරිවැය ද ඉහළ ගොස් ඇති බව ලංකා ඛනිජතෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය ප්‍රකාශ කරනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ ඉන්ධන මිල වැඩි කිරීම හේතුවෙන් මෙම තත්ත්වය උදා වී ඇති බවයි.

පසුගිය 11 වන දින සිට ඩීසල් ලීටරයක මිල රුපියල් 07 කින් ඉහළ යාම හේතුවෙන් සෑම කිලෝ මීටරයකට අමතර පිරිවැයක් දැරීමට තමන්ට සිදුව ඇති බවයි ඔවුන් චෝදනා නගන්නේ.

පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ පසුගිය පෙබරවාරි මස 25 වන දින අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවකදී මාර්තු මස 12 වන දින සිට ප්‍රවාහන ගාස්තු මිල සූත්‍රය සම්පූර්ණ කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දුන් බව යි.

එහෙත් ඒ පිළිබඳව තවමත් විසඳුමක් ලැබී නොමැති බවත් මේ හේතුවෙන් ප්‍රවාහනකරුවන් බරපතල ගැටළු රැසකට මුහුණ දී ඇති බවත් ඔවුන් පවසනවා.

මෙම සතිය තුල ඊට විසඳුම ලබා නොදුනහොත් සිය සාමාජිකයින් සේවයට වාර්තා නොකරන බවට යි එම සංගමය අනතුරු අඟවන්නේ.

එවැනි තත්ත්වයක් උදා වුවහොත් ඉන්ධන ප්‍රවාහනයේ ගැටළුකාරී තත්ත්වයක් ඇති වීම හරහා රට තුල ඉන්ධන හිඟයක් මතුවීමේ අවදානමක් පවතිනවා.

මෙරට ඉන්ධන සැපයුම් ප්‍රවාහන ජාලයේ  90% ක පමණ කොටසක් ඇත්තේ පෞද්ගලික ටැංකි රථ හිමියන් සතුවයි.

එමෙන්ම ඛනිජතෙල් සංස්ථාව මඟින් ඔවුන්ගේ ප්‍රාදේශීය ප්‍රධාන බෙදාහරීම්  මධ්‍යස්ථාන වෙත දුම්රිය උපයෝගී කරගනිමින් ඛනිජ තෙල් ප්‍රවාහනය සිදුකළ ද එලෙස බෙදාහැරෙන ඛනිජ තෙල් ප්‍රාදේශීය බෙදාහරීම් මධ්‍යස්ථාන වෙතින් ඉන්ධන හල් වෙත බෙදාහැරීමේ කාර්යයේ ද වැඩි කොටස සිදුවන්නේ පෞද්ගලික ටැංකි රථ හිමියන් හරහා යි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 22 June 2021 15:17